ගුවන් ගමන් නිසා ලෙඩ වුනු අගමැති

පසුගිය කාලයේ අගමැති දී.මු ජයරත්න සිටියේ අසනීප තත්ත්වයේ විදෙස් රෝහලක ප්‍රතිකාර ලබමින්ය. 

ඒ අනුව අගමැති ධුරය සඳහා බලා සිටින ආණ්ඩු පක්ෂයේ අනෙක් පිරිස් ක්‍රියාකාරිව තම කටයුතුවල නිරත වුයේ තමන්ට අගමැති පදවිය ලබාගැනීම උදෙසාය.

මේ අතර වරක් අගමැති පදවිය ඉසිලු ජේෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක විශේෂය. තමාට නැවතත් අගමැති පදවිය ලැබෙන්න යන වග දැනගත් ඔහු පසුගිය කාලයේ දුව පැන ඇවිද්දේ තරුණයෙකු මෙනි.

කෙසේ වෙතත් අගමැති නැවතත් සුවවී ලංකාවට පැමිණීමත් සමග බොහෝ දෙනාගේ බලාපොරොත්තු සුන්වී තිබුණි.


අගමැතිවරයා පසුදිනක ප්‍රකාශකොට තිබුනේ තමා ධුරයෙන් ඉවත් නොවන බවය. රෝගාතුර වීමට ප්‍රථම අගමැතිවරයා විසින් පවසා තිබුනේ රට තුල ගුවන් ගමන් වල වැඩිම වාර ගණනක් දී ඇති පුද්ගලයා තමා බවත් එය වාර්තාවක් බවත් යනුවෙනි. (ප්‍රභූන්ගේ ගුවන් ගමන් සඳහා රජය වසරකට වැය කරන මුදල රුපියල් මිලියන 200 කි).

නමුත් රෝගාතුරු වීමෙන් පසුව අගමැතිවරයා පවසන්නේ තමාගේ අසනීපයට මුල හෙලිකොප්ටර් තුලින් නිතර ගමන් කිරීම බවය. අගමැතිවරයා එය පවසා තිබුනේ මෙලෙසින්
කෙසේ වෙතත් අගමැති නැවතත් සුවවී ලංකාවට පැමිණීමත් සමග බොහෝ දෙනාගේ බලාපොරොත්තු සුන්වී තිබුණි. 


අගමැතිවරයා පසුදිනක ප්‍රකාශකොට තිබුනේ තමා ධුරයෙන් ඉවත් නොවන බවය. රෝගාතුර වීමට ප්‍රථම අගමැතිවරයා විසින් පවසා තිබුනේ රට තුල ගුවන් ගමන් වල වැඩිම වාර ගණනක් දී ඇති පුද්ගලයා තමා බවත් එය වාර්තාවක් බවත් යනුවෙනි. (ප්‍රභූන්ගේ ගුවන් ගමන් සඳහා රජය වසරකට වැය කරන මුදල රුපියල් මිලියන 200 කි).

නමුත් රෝගාතුරු වීමෙන් පසුව අගමැතිවරයා පවසන්නේ තමාගේ අසනීපයට මුල හෙලිකොප්ටර් තුලින් නිතර ගමන් කිරීම බවය. අගමැතිවරයා එය පවසා තිබුනේ මෙලෙසින්.

"මගේ එක කනකයි ආබාධය ඇති වුනේ. නමුත් ඒ ආබාධය නිසා මට ආහාර ගන්න අපහසු උනා.කොහම හරි මාස හයයි දවස් එකොළහක් යනකන් මම හිටියේ කිසිම කෑමක් නොකා එන්නත් මාරගයෙන් ලබාගන්නා ආහර මගින්.

මම හිතන්නේ මම ඒ දවස්වල නිතර නිතර හෙලිකොප්ටර් වලින් ගමන් කෙරුවා. සමහර දවසට රැස්වීම් එකොළහකට විතර ගුවනින් යන්න සිද්ධ වුනා. එතැනදී සිතලටද කොහෙද ලේ ඝනවිමක් ඇති වෙලා කනේ පැසවිමක් ඇති වුනා. සිංගප්පුරුවේ වගේම ඇමරිකාවේ දොස්තරවරුන්ගෙන් බේත් අරන් තමයි මේ තරමටවත් සුවකරගත්තේ"



Related Posts Plugin for WordPress, Blogger...