ඔස්කාර් පි‍්‍රස්ටෝරිස් සිය පෙම්වතියට වැරදිමකින් වෙඩි තබයි

පැරා ඔලිම්පික් උළලේ "බ්ලේඩ් රනර්" නම් අන්වර්ථ නාමයෙන් හදුන්වන දකුණු අප්‍රිකානු ධාවන ශුර ඔස්කාර් පි‍්‍රස්ටෝරිස් ලොව ජනප්‍රිය චරිතයකි. 26 හැවිරිදි ඔස්කාර් විසින් සිය පෙම්වතිය වන දකුණු අප්‍රිකානු නිරුපන ශිල්පිනියක වන රීවා (30) හට වැරදීමකින් වෙඩි තබා තිබෙනවා. 

ඒ ඇය වැලන්ටයින් දිනයේ ඔස්කාර් පුදුම කිරීම සඳහා නිවසට අතුල්විමෙදියි. එහිදී ඔස්කාර් එය වටහාගෙන ඇත්තේ හොරෙකුගේ පැමිණීමක් ලෙසය. 

ඒ ක්ෂණයෙන්ම ඔස්කාර් විසින් පෙම්වතියගේ ඔලුවටත් අතටත් වෙඩි පහරවල් හතරක් එල්ලකොට තිබෙනවා. 

එම වෙඩි පහරවල් වලින් ඇය එම ස්ථානයේදීම මියගොස් ඇති අතර මියගොස් තිබෙන්නේ සොරෙකු නොව තම පෙම්වතිය බව ඔස්කාර් දැනගෙන ඇත්තේ ඇය එම ස්ථානයේම මිය යාමෙන් අනතුරුවය. 

මෙම සිදුවීම තවමත් මාධ්‍යට හෙලිදරව් වී නොමැති වුවත් බී.බී.සී මාධ්‍යය සේවය එම පුවත සත්‍යයක් ලෙස මෙයට ස්වල්ප වෙලාවකට ප්‍රථම වාර්තා කරන ලදී. 

ඔස්කාර් සිය මියගිය පෙම්වතිය සමග 
රීවා වැලන්ටයින් දිනය පිලිබඳ උද්යෝගයෙන් සිටි අයුරු ට්විටර් වෙබ් අඩවියේ සදහන් කොට තිබුනේ මෙලෙසිනි.


රීවා ගේ ජායාරුප එකතුවක් බලන්න මෙතනින්

Related Posts Plugin for WordPress, Blogger...