වැලන්ටයින් වලට සැරසුනු ඉන්දියාවේ පෙම්වතුන්ට ප්‍රහාර

අද පෙම්වතුන්ගේ දිනය නොහොත් වැලන්ටයින් දිනයයි. පෙම්වතුන්ගේ නිදහස වෙනුවෙන් කැපවුණු ක්‍රිස්තියානු පුජකවරයෙකු වන ශාන්ත වැලන්ටයින් පුජකවරයා සිහිපත් කිරීම උදෙසා මෙම වැලන්ටයින් දිනය සමරනු ලැබේ. මෙහි ඉතිහාස කතාව මෙසේය. 

රෝමයේ ජීවත්වූ වැලන්ටයින් පූජක තුමා වෛද්‍යවරයකු ලෙසද කටයුතුකළ අයෙකි. රෝමය පාලනය කරනු ලැබූ ක්ලොඩියස් නම් කෲර පාලකයාගේ පාලන සමයේ දී තරුණ තරුණියන්ගේ විවාහයට බාධා ඇති විය.

ඒ යුද්ධය නිසාවෙන් වන අතර සියලුම තරුණයන් යුද්ධයට යාම අනිවාර්ය අතර විවාහය තහනම් විය. ඒ හේතුවෙන් තරුණ තරුණියන්ට විවාහ වීමට නොහැකි විය. මේ අතර වැලන්ටයින් පූජකතුමා මැදිහත්ව පෙම්වතුන් හොර රහසේ විවාහ කර දුන් අතර මේ නිසාම පූජකතුමා ක්ලෝඩියස්ගේ උදහසට ලක්ව දඟගෙයි දුක් විඳ ක්‍රි.ව. 270 අද වැනි දිනක දී ලෝකයෙන් සමුත්තේ ය.


ඔහු පෙම්වතුන් වෙනුවෙන් කරනු ලද සේවය උදෙසා පෙබරවාරි 14 වන දින වැලන්ටයින් දිනය ලෙසින් නම්කොට ඔහුව සමරනු ලබයි. නමුත් අද දිනයේ පෙම්වතුන්ගේ දිනය සමරන ලංකාවේ පෙම්වතුන් කීදෙනෙකු වැලන්ටයින් පිටුපස ඇති මෙම ඉතිහාසය දන්නේද?


ආසියාවේ බොහෝ රටවලට මෙන්ම ලංකාවටද වැලන්ටයින් දිනය ආගන්තුකය. බටහිරින් පැමිණෙන වැලන්ටයින් දිනය ලංකාව ආක්‍රමණය කරන්නේ අනුව දශකයේය. ඒ සම්පුර්ණ වානිජකරණය වූ දිනයක් ලෙසය. 


ලංකාවට වැලන්ටයින් දිනය ගෙන එම පිටුපස ඇත්තේ වෙළඳ අරමුණුය. මේ වෙළඳ අරමුණු ඔස්සේ ලාබාල පෙම්වතියන් කීදෙනෙකු සිය පතිවත හෝටල් කාමරයක් තුල විනාශ කරගන්නේදැයි අප නොදන්නෙමු.

එහෙත් මේවනවිට වැලන්ටයින් දිනය සැමරීමට එරෙහි වීමේ ප්‍රවනතාවයක් ඉන්දියාවේ මෙන්ම ලංකාවේද ඇතිවී තිබේ. වැලන්ටයින් දිනය සැමරීමට විරුද්ධව ඇතැම් සංවිධාන අද දිනයේ ක්‍රියාත්මක වීමට නියමිතයි. 


මේ අතර අදට යෙදී ඇති ලෝක ආදරවන්තයන්ගේ දිනයට විරුද්ධ කණ්ඩායමක් වන "ශිව සේනා" විසින් ඉන්දියාවේ ආදරවන්තයන්ට අමානුෂික ලෙස පහරදී තිබෙනවා.

ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේදී එල්ලකර ඇති මෙම ප්‍රහාරයට හේතුව ලෙස ඔවුන් පවසන්නේ වැලන්ටයින් දිනය ඉන්දියාවට නොගැලපෙන බවයි.

පෙම්වතුන්ට පහර දෙන වීඩියෝව බලන්න පහතින්.




Related Posts Plugin for WordPress, Blogger...