හලාල් ගැන රජය පළමු වරට ස්ථාවරය හෙළිකරයි

මේ දිනවල ඇතිවී තිබෙන හලාල් ප්‍රශ්නය පිළිබඳව රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී කතා කිරීමත් සමඟ හලාල් පිළිබඳව රජය සිය ස්ථාවරය ඊයේ හෙළි කළා.

නිමල් සිරිපාල අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ හලාල් විරෝධී ව්‍යාපාරයක් ගෙනියන්නේ රජය ගොඩ නැඟීමට මහත් ශක්තියක් ලබාදුන් මුස්ලිම් ජනතාව රජයෙන් ඈත්කර රජය පෙරලාදැමීමට කරන කුමණ්ත්‍රණයක් නිසා බවයි.

"ජාතිවාදි හා ආගම්වාදී ගිනි දැල් ඇවිලීම සදාහාත් රජය අපකීර්තියට පත් කිරීම සදහා හා පෙරලා දැමීම සදහා අසාර්ථක ප්‍රයත්නයක යෙදෙන කුමන්ත්‍රන කරුවන් හා විරුද්ධවාදීන් විසින් අප රජයට විශාල ශක්තියක් හා සහයෝගයක් ලබාදුන් මුස්ලිම් ජනතාව අප රජයෙන් ඈත් කිරීම සදහා සංවිධානාත්මක කුමන්ත්‍රණයක් සිදුකරන බව ඒත්තු ගොස් තිබේ.


විවිධ නිශ්පාදනයන් වෙනුවෙන් හලාල් සහතික ජාත්‍යන්තර වශයෙන් ලබා ගැනීම ජාත්‍යන්තර වෙලදාමේ අවශ්‍ය අංගයක් ලෙස මුස්ලිම් රටවල් මෙන්ම සමහර බටහිර රටවල් ද අනුගමනය කරන ක්‍රියා මාර්ගයකි.

වර්ල්ඩ් හලාල් ෆුඩ් කවුන්සිල් සිය නියෝජිතයන් ලෙස ශ්‍රී ලංකාවේ සමස්ත ලංකා ජිම්තුල් උලමා සංවිධානය පිලිගත් සංවිධානයකි. මෙම සංවිධානය රජය විසින් හෝ රජයේ ආයතනයක් විසින් හෝ පිලි ගෙන නොමැත.

මෙය හුදෙක් මුස්ලිම් ආගමික කර්තව්‍යයක් වේ. හලාල් ආහාර හා නිශ්පාදන මිලදී ගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීමේ පුර්ණ නිදහස ඕනෑම කෙනෙකුට ඇත. එය කිසිවෙකු වෙත බලෙන් පැටවීමටද ඉඩ නොදෙන බව කියමි.
"

එම වීඩියෝව පහතින්.



මෙම හලාල් සහතිකය නිකුත් කරන ජමියතුල්ලා උලමා සංවිධානය ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් 
හලාල් සලකුණ පිළිබඳව ප්‍රකාශ කර තිබුණා.

"හැම එක් කෙනෙක්ටම තියන ප්‍රශ්නයක් තමයි මේක ව්‍යාප්ත වෙලා මේ මොනාද මේ කුකුළට තියන හලාල් එක ඇයි මේ වතුරට ඇවිල්ලා තියෙන්නෙ. ඒ වගේම සමහර කට්ටිය අහනවා ඇයි මේ පේන්ට් බ්‍රෂ් වලට හලාල් අවශ්‍යය.

ලංකාවට එන සමහර පේන්ට් බ්‍රෂ් වල් ඌරන්ගෙ රෝම වලින් හදපු පේන්ට් බ්‍රෂ්, හැබැයි අපි කියන්නෙ සිමෙන්ති වලට අපි තාම හලාල් දිලා නැහැ. අවශ්‍යතාවයට අනුකූලව තමයි හලාල් සහතික දෙන්නෙ මිස අපිට නැත්නම් මේ කන්සෙප්ට් එක ව්‍යාප්ත කරන්න ඕනි කියන අවශ්‍යතාවක් නොවෙයි.

මුලු ලෝකෙම තායිලන්තය බෞද්ධ රටක් ඒ වගේම සිංගප්පුරුව ඒ වගේම මැලේසියාව මේ ගොල්ලන් හලාල් සහතිකය දෙන්නෙ ආණ්ඩුවේ අනුග්‍රහයත් එක්ක. හැබැයි ලෝකයේ හැටකටත් වඩා අධික හලාල් සහතික කිරීමේ ආයතන ආණ්ඩුව යටතේ නැහැ. යම් කිසි ආකාරයක නෙගෝෂියේෂන්ස් ආවනම් කොයි රටේ තත්ත්වය අපි අනුගමනය කලොත් හොදයිද කියන එක ඒ අවස්ථාවල් වලදී අපිට ආණ්ඩුවත් එක්ක කතාකරන්න අපි විවෘත්තයි.
"

එම වීඩියෝව පහතින්.



-සම්බන්ධිත පුවත්-
මොකක්ද මේ හලාල් සහතිකය?
හලාල් සදහා වැඩිපුරම මුදල් ගෙවන්නේ කවුද?
මුස්ලිම් විරෝධය නැවැත්තුවේ නැත්නම් අඬු කඩලා හරි නවත්තනවා- SB දිසානායක

Related Posts Plugin for WordPress, Blogger...