ගොසිප්9 වෙබ් අඩවිය මෙයින් අවසන් වන වගයි !


[2013 පෙබරවාරි 23] gossip9.com හා gossip9news.com වලින් පසු අප විසින් තෝරා ගත් තෙවන ලිපිනය වන gossip9news.blogspot.com ලිපිනයටද මේ වනවිට Telecom තුලින් පිවිසීමට බාධා එල්ලවී තිබෙන නිසා ගොසිප්9 වෙබ් අඩවියේ ගමන නැවත්වීමට රජයට අවශ්‍යය වී ඇති බව පැහැදිලිව පෙනී යයි. අප ඒ තීරණයට ගරු කරන්නෙමු.

අප වෙබ් අඩවියට මෙලෙස බාධා පැමිණවීම පිළිබඳව අප තුල ඇත්තේ කණගාටුවකි. රටේ බොහෝ මාධ්‍යයන් අන් ඇයගේ න්‍යාය පත්‍රයන්ට යටවී ක්‍රියාකරන සමයක අසාධාරණයට එරෙහිව, මුදල් හා වෙනත් පරමාර්ථ වලින් තොර වූ ස්වාධින පුවත් සේවාවක් ලබාදීමට අප කටයුතු කල ඇත්තෙමු.

වෙබ් අඩවිය තහනම් කල විට උසාවි ගානේ යාමටත්, අන්තර්ජාතිකව දැනුවත් කොට මෙය හෙලා දැකීමටත්, මාධ්‍යය නිදහස නැතැයි කියමින් පුවත්පත් වාර්තා පලකරගනිමටත්, ප්‍රොක්සි හරහා වෙබ් අඩවියට පැමිණ පුවත් නරඹන ලෙසත්, වෙබ් අඩවිය තහනම් කල පලිය ගැනීමට දිගින් දිගට පාලන පක්ෂයට දොස් කීමටත් අපට කිසිදු අවශ්‍යතාවයක් නැත.


එහෙයින් ඒ සියල්ලටම තිත තැබීමට කාලය පැමිණ ඇති බව අපට සිතේ. එහෙයින් වසර තුනක් වැනි කාලයක් තුලදී ගොසිප්9 පැමිණි ගමන තාවකාලිකව මෙයින් අවසාන වේ. මේ සමගම ගොසිප්9 වෙබ් අඩවිය, ෆේස්බුක් පිටුව, ගොසිප්9 SMS පුවත් සේවය, අනෙකුත් සියලු සේවා සේවාවන්හි යාවත්කාල කිරීම තාවකාලිකව නවතා දමනු ලැබේ.

නමුත් මෙම ලිපියට ලැබෙන ප්‍රතිචාර පමණක් සැමදා අනුමත වෙනු ඇත.

අපගේ වෙබ් අඩවි නාමය කිසිවෙකුට ලබා නොදෙන අතර එය අප සන්තකයේ දිගටම තැබෙනු ඇත.

අහිංසක නම් වඳුරාගෙන් පටන්ගත් සමාජ සත්කාරය නිර්මලාට හඬක් දීම දක්වා අප ඔසවා තැබුවේ ඔබය. ඔබගේ සහය නොවන්නට අපට මේ තරම් දුරක් පැමිණීමට නොහැකි වන්නේය. පසුගිය කාලය පුරා අප වෙත පුවත් එවමින්, ප්‍රතිචාර සඳහන් කරමින් සහය වූ ඔබ සැමට අපගේ ප්‍රණාමය හිමිවේ !!

අපගේ බිඳවැටීම පිලිබඳ බොහෝ දෙනා ඊ මේල් හා ෆේස්බුක් මගින් විමසා තිබුන අතර ඔවුන්ට පිලතුරු සැපයීමට නොහැකිවුයේ වෙබ් අඩවියේ තහනමත් සමග ඇතිවූ කාර්යබහුලත්වය හේතුවෙනි. 

gossip9.com හෝ gossip9news.com වෙත පනවා ඇති තහනම් රජය විසින් ඉවත් කල දිනයක අප විසින් නැවත පුවත් සේවාව ආරම්භ කරනු ලැබේ.

වාරණය කරන තෙක් පැරණි ලිපි නැරඹිය හැකි ලිපින
gossip9news.blogspot.in
gossip9news.blogspot.jp
gossip9news.blogspot.co.uk
gossip9news.blogspot.jp
gossip9news.blogspot.ru
gossip9news.blogspot.dk
gossip9news.blogspot.fr
gossip9news.blogspot.ae

 
අප යම් දිනක නැවත මෙම සේවාවන් අරඹන්නේ නම් ඒ බව දැනගැනීමට අපගේ ෆේස්බුක් පිටුව වෙත පිවිසෙන්න.
www.facebook.com/gossip9news


ඔබට ජය !
ගොසිප්9 සංස්කාරක මණ්ඩලය

Related Posts Plugin for WordPress, Blogger...