ගොසිප්9 ලිපිය පිළිබඳව නිව්ටන්ගේ අසම්මත පෙම්වතිය කතා කරයි

නිව්ටන්ගේ අසම්මත ප්‍රේමයෙ පිළිබඳව ඊයේ ගොසිප්9 හි පළවූ පුවත පිළිබඳව ඇය අප වෙත පැහැදිලි කිරීමක් එවා තිබෙනවා.

අප විසින් පල කළ යම් පුවතකින් කෙනෙකුට අසාධාරණයක් වූවා නම් එම පාර්ශයවයට අදහස් දැක්වීමට අවස්ථාව ලබාදීමට ගොසිප්9 බැඳී සිටී.

එබැවින් ඇය විසින් එවන ලද ලිපිය පහතින් ඇත.


ප‍්‍රධාන සංස්කාරක ,
ගොසිප්9

නිව්ටන්ගේ අසම්මත ප්‍රේමයෙ පිළිබඳව ගොසිප් 9 හි පළවූ පුවත

ඉහත පුවත තුළින් සෘජුවම මා වෙත එල්ල කර ඇති චෝදනා වල සැබෑව මෙසේ පැහැදිළි කරමි .

එහි අන්තර්ගත සියළු චෝදනා අසත්‍ය බවත් ඒවා දැඩිලෙස ප‍්‍රතික්ෂේප කරන බවත් සදහන් කරන අතර කුමන හේතුවක් මත මෙවන් දෝෂ දර්ශණයන්ට මා ලක්වූවාදැයි නොදන්නා බවද සටහන් කරමි.

මා පළමුව මාධ්‍ය ආයතනයකට සම්බන්ධ වන්නේ මෙයින් වසර 22කට පෙරය. ඒ ජාතික රූපවාහිනියේ නිවේදිකාවක් ලෙසිනි. එදා සිට අද දක්වා කිසිදු දිනක කිසිවෙකුගේ පෞද්ගලික සම්බන්ධතා මත හෝ හිතවත්කම මත හෝ මා කිසිදු වරප‍්‍රසාදයක් ලබා නැත. මාගේ කැපවීම සහ දක්ෂතාවය මත විනා කිසිදු බලපෑමකින් මම මේ ගමන ඉදිරියට ගමන් නොකලෙමි.

මම ස්වාධීන රූපවාහිනී සේවයට එක්වන්නේ බර්ටි ගලහිටියාව මහතාගේ යුගයේ වන අතර එයද සම්මුඛ පරීක්ෂණයක් තුලිනි. එම වැඩසටහන රූපවාහිනී ක්ෂේත‍්‍රයේ පළමු තරුණ වැඩසටහන වූ අතර එය නිර්මාණය කලේ මගේ සැමියාය. එදා සිට අද දක්වා මා සමග සිටින එකම බලවේගය ද ඔහුය.

අනතුරුව මාගේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසුව මම ස්වාධීන රූපවාහිනී සේවයට ඇතුලත් වන්නේ ද පුරප්පාඩුවක් පැවති තනතුරකටය. කෙසේ වෙතත් තවදුරටත් උසස් අධ්‍යාපනය ලබන මා ස්වාධීන රූපවාහිනී සේවයෙන් ඉවත්ව යන්නේ නිව්ටන් ගුණරත්න මහතා එහි සභාපති ලෙසින් කටයුතු කරමින් සිටින යුගයේමය. (එය අනුර සිරිවර්ධන මහතාගේ යුගයේ බව පැවසීම අසත්‍යක් වන අතර ඔහු ස්වාධීන රූපවාහිනී සේවය භාර ගන්නේ මා ඉවත්වී කලකට පසුය)

මා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ මාධ්‍ය අංශයට සම්භන්ධ වන්නේ පුවත්පත් නිවේදනකින් ප‍්‍රසිද්ධ කල ඇබෑර්තුවකට අනුවය. කිසිවෙකුගේ බලපෑමක් ඒ සදහා ද සිදුනොවූ අතර එවකට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සිටි සභාපතිතුමන් සහ සාමාන්‍යාධිකාරීතුමන් සහ ඉහළ කළමණාකාරීත්වය මේ පිළිඹඳව සාක්ෂි දරණු ඇත. අදටත් මම එම වෘත්තීය තීරණය ගැන වගකීමෙන් පසුවෙමි.

එසේම 2002 වසරේ විවාහ වූ මම අද මේ මොහොත දක්වාම ඉතා සතුටින් සහ සාමකාමීව දිවි ගෙවමි. අද මේ ගැටළුවට මුහුණ දීමේදී ද මට ඇති සැබෑම ශක්තිය මගේ සැමියාය. මගේ සැමියා, දියණිය සහ පවුල හැර වෙනත් කිසිදු දෙයක වටිනාකමක් මට නැත. ඔවුන් හැරයෑම ගැන සිතීමටද මට නොහැක. මගේ පවුලේ ශක්තිය මෙම ද්වේශ සහගත ප‍්‍රකාශ කරන පුද්ගලයන්ට බිඳිය නොහැක.

ඔබගේ ගොසිප්9 පුවත හරහා අසාධාරණ චෝදනාවට ලක්වූ නිව්ටන් ගුණරත්න මහතා මගේ මාධ්‍ය ගුරුවරයෙකි. ජාතික රූපවාහිනියෙන් මා උගත් මාධ්‍ය කලාව ප‍්‍රායෝගීකරණය කිරීමට එතුමන් මට මාර්ගෝපදේශය සැපයීය. එතුමා මා වැනිම අළුත් පරම්පරාවක් බිහිකලේය.

අදටත් ස්වාධීන රූපවාහිනියේ සහ ලක්හෙඬ් ඔබ දකින්නේ ඔවුන් ය. මට කියා කිසිදු විශේෂයක් එතුමා තුල නොවූ අතර සැමට සම අවස්ථා හිමිවිය. (එකල ඉදිරිපත් වූ වැඩසටහන් නැවත විමසා බලන්න) නමුත් මට ලැබුණු එක් වැඩසටහන හෝ මා දැඩි කැපවීමෙන් සහ උනන්දුවෙන් ඉදිරිපත් කල බැවින් ඒවා පිළිබඳ මතකය පේ‍්‍රක්ෂකයා තුල ඉතිරිවීම නිසා මා වැඩි අවකාශ ලද බවට මතයක් ඇතිවුවද එය සත්‍යය නොවේ.

නිව්ටන් ගුණරත්න මහතාට මෙන්ම මැතිණියට ද, පවුලේ සැමටද නිරන්තරයෙන් මගේ ගෞරවය හිමිවේ .

එසේම ඔබ දක්වා ඇති ආකාරයේ කිසිදු නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු කිසිදු ආකාරයකින් මගේ ජීවිතයට සම්බන්ධව නැත. මම ඔවුන් පෞද්ගලිකව හඳුනන්නේ ද නැත. වෘත්තීය මට්ටමෙන් පමණක් මම ඔවුන් දැන සිටිමි. එය එපමණකි.

තවද ඔබේ චෝදනා වල සදහන් අමාත්‍යතුමන්ගේ දියණියට හෝ ඇයගේ රැකියාවට හෝ මාගේ කිසිදු අදාල කමක් නැත. ආයතනය තුල එවන් තීරණ ගැනීමට මට බලයක් නැති අතර ඇයගේ පසුබිම මා දැනගන්නේ ද කලකට පසුය. රජයේ හෝ දේශපාලන අධිකාරියේ වෙනස්කම් හෝ තීරණ හෝ සබඳතා මත මා ලැබූ වරප‍්‍රසාදයක් නැත. මම ඒවා අපේක්ෂා නොකරමි. විශ්වාසද නොකරමි.

මම මගේ වෘත්තියට කැපවී කටයුතු කරමි. තවමත් උසස් අධ්‍යාපනය ලබමි. ඉදිරියටත් එලෙසම මගේ ශක්තිය මත විශ්වාසයේ පිහිටා කටයුතු කරමි. පූර්ණ කාලීන මාධ්‍යවේදිනියක් නොවන මම පූර්ණ කාලීන බැංකු නිලධාරිනියක වී සිටිමි.

එබැවින් කාන්තාවකට සිය හැකියාවන් ප‍්‍රදර්ශණය කිරීමට නම් පිරිමියෙකු සමග අනවශ්‍ය සබඳතා පැවැත්විය යුතුයැයි සිතන මතයෙන් කරණාකර ඉවත්වන්න. ගැහැණියකගේ වෘත්තීය හැකියාව පිළිගැනීමට පසුබට නොවන්න. ඊර්ෂ්‍යාසහගතව පලකරන මෙවන් අසත්‍ය ප‍්‍රචාර නිසා මෙතුවක් කලක් මා රැකගත් කීර්තියට සහ හොඳනමට සිදුවන කැළල මහත් අසාධාරණයකි. මගේ සැමියාට, දියණියට සහ පවුලට මා ආලෝකයක් වූවා මිසක නිගරුවක් වී නැත.

මා කිසිවෙකු සමග සතුරු නැතත් මා සමග සතුරු පිරිස් වෙති. එවන් පිරිස්වල අදහස් නිසි විමසීමකින් තොරව ඔබේ වෙබ් අඩවියේ පලකිරීමට අවකාශය ලබාදීම අකටයුත්තකි. පුද්ගල අනන්‍යතා හෝ නිසි සාක්ෂි නොමැති මෙවන් ප‍්‍රචාර මහත් ඛේදනීය තත්වයකි.

එම නිසා ඔබේ වෙබ් අඩවියෙන් මෙම අසත්‍ය, සාවද්‍ය ප‍්‍රචාරය ඉවත් කරනමෙන් සටහන් කරන අතර, ඉදිරියේ දී මෙවන් මාධ්‍ය භාවිතාවන් නිසා, මා වැනි යුක්ති සහගතව සහ අවංකව ජීවත්වන පුද්ගලයන්ට අසාධාරණක් සිදුනොකිරීමට වගබලාගැනීම වගකීමක් බව ද ප‍්‍රකාශ කරමි .
----------------------

කර්තෘ සටහන:
අප පුවතක් පලකිරීමට ප්‍රථම ඒ පිළිබද තොරතුරු සොයාබැලීමක් සිදුකරන ලදි. ප්‍රතිවිරුද්ධ මතවාද සහ පිළිතුරු සදහාද ඉඩලබා දීම අපගේ සිරිතයි. හුදෙක් මඩ ව්‍යාපාර සදහා සිදුකරනු ලබන්නේ නම් පිළිතුරුදීම දීම සදහා මෙසේ ඉඩ ලබානොදෙන බව බුද්ධිමත් ඕනෑම පුරවැසියෙකුට අවබෝධ වනවා නොඅනුමානය.

ඇගේ පුවත් සත්‍ය වශයෙන්ම අප පල කලේ නිව්ටන් ගුණරත්න මහතාගේ ක්‍රියාකලාපය විවේචනය කරනු උදෙසාය. නමුත් මෙම පුවත වැරදි බවට ඔහුගෙන් මේ දක්වා කිසයම් හෝ ප්‍රතිචාරයක් ලැබී නැත. ඇය ස්වාධින රුපවහිනියේදී අත්තනොමතික ලෙස සභාපති බලතල භාවිත කරමින් රැකියා විනාශ කිරීම ගැන මෙහි සඳහන් කර නැත. අප සදහන් කල ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ වරයාගේ නිවස ගැනද සඳහනක් නැත. ලිංගික එක්වීම ඕනෑම කෙනෙකුට ඇති අයිතියකි නමුත් ලිංගික සබදතා තුලින් අහිංසක තරුණ තරුණියන්ගේ මාධ්‍ය ජීවිතය අවසන් කිරීමත් රැකියා අහිමි කිරීම සාධාරණ නොවේ.

වත්මන් ලංකාවේ ප්‍රසිද්ධියේ මිනිමරති, ස්ත්‍රී දුෂණ කරති, හොරකම් කරති, නමුත් වරද පිළිගත් එකදු පුද්ගලයෙකු නැත. බලතල බාවිතා කරමින් ඒවායින් ගැලවීමත් නිදහසට කරුණු ඕනෑතරම් දීමත් පිළිබද ලංකාව තරම් රටක් ලොවෙත් නොමැත. ඇය මෙන්ම බලතල පාවිච්චියෙන් උසාවියෙන් පවා ගැලවී සිටින සුදර්මන් රදලියගොඩ ගැන අප කෙතරම් ලිපි ලීවද අද වනතෙක් ඔහුව අත්අඩංගුවට ගෙන නැත.

-සම්බන්ධිත පුවත්-
දුලක්ෂි-නිව්ටන් අසම්මත ප්‍රේමයෙන් තවත් කැදැල්ලක් විනාශ වේද?

Related Posts Plugin for WordPress, Blogger...