මාතලේ ගිලා බසී

මාතලේ දිස්ත්‍රික්කයට අයත් ගම්මාන කිහිපයක් මේ වනවිට ගිලාබැසීමේ අවදානමකට ලක්වී තිබෙනවා.

මේ වනවිට මාතලේ දුන්කොල වත්ත දොරකුඹුර ප්‍රදේශයේ අඩි 60ක් උස කොස් ගසක් හා කිතුල් ගසක් පොළොව යටට ගිලා බැස නොපෙනී ගොස් තිබෙන අතර එම නිසා අඩි 20ක හා 30ක විශ්කම්භයක් සහිත වලවල් දෙකක් සෑදී තිබේ.

එම වීඩියෝවක් හා ජායාරූප කිහිපයක් පහතින්.









ඊට යාබද ප්‍රදේශයක සිලින්ඩර් යොදාගනිමින් සාදා තිබූ අඩි 80ක් පමන ගැඹුර ලිඳක් ද ගිලා බැස තිබේ. එම ජායාරූ පහතින්.


මීට පෙර එම ප්‍රදේශයේ ඉන්නක බැඳ සිටි ගවයෙකු ඉන්න සමඟම පොළොව තුලස ගිලා බැස තිබූ බවද වාර්තාවේ. එම ප්‍රදේශයේ භූගත උමං ගංගාවක් ඇති බවටයි විශ්වාස කරෙන්නේ.

ඊට අමතරව නාවුල කණුමුල්ලයාය ප්‍රදේශයේ ගෙවත්තක තිබූ අඩි 32ක් ගැඹුරු අඩි 20ක විශ්කම්භයකින් යුත් තවත් ළිඳක්ද අද එකවරම ගිලා බැස තිබේ.

සිමෙන්ති ගඩොලින් තනා ශක්තිමත් ලෙස ‍තනා තිබු එකී ළිඳ සොයා ගැනීමටවත් නැතැයි ප්‍රදේශවාසීන් පවසයි. එහි ජායාරූප පහතින්.







බ්‍රිතාන්‍ය ජාතිකයින් දුම්රිය මාර්ගය සාදා මාතලේ ප්‍රදේශයෙන් එය අවසන් කර ඇත්තේ එතැනින් එහාට කුහර සහිත හුණු ගල් ස්ථර පවතින නිසා බවටද මතයක් පවතී.

Related Posts Plugin for WordPress, Blogger...