රත්මලාන ත්‍රිත්ව ඝාතකයාගේ ෆේස්බුක් පෙම

රිමාන්ඩ් රැඳවියන් විසින් ඝාතකයාට අසුචි කවමින් පහර දීලා

රත්මලාන කල්දෙමුල්ල ප්‍රදේශයේ නිවෙසක තරුණ ගුරුවරියක හා ඇගේ දරු දෙදෙනාගේ පිලිස්සී ගිය සිරුරු හමුවීම පසුගියදා මුළු රටම මහත් කම්පාවට පත් කළ සිදුවීමක් විය.

තිස් එක් හැවිරිදි මවක තුන් හැවිරිදි වැඩිමහල් පුතුත් මසක් වයසැති බාල දරුවත් ගින්නට හසුවී දැවී පිලිස්සි තිබු අයුරු කාගේත් නෙතට මෙන්ම හදවතට දැඩි වේදනාවක් ගෙන දුන්නේ මෙම අපරාධය සිදුවුනේ කෙසේදැයි යන්න පිලිබඳ ප්‍රශ්නාර්තයක්ද එක්කරමිනි.

පිලිස්සී මියගිය මවගේ ඇකයේ සිටි සිඟිති පුතු අසලම තුන් හැවිරිදි ලොකු පුතු ද මියගොස් සිටියේය. මෙසේ මියගොස් සිටියේ දරුවන්ගේ මව වන සඳමාලි ප්‍රනාන්දුත් වැඩිමහල් පුතු තුෂාන් සඳරුවන් හා මසක් වයසැති බාල පුතු ඉෂාන් භානුක යන අයයි.

මුලදී ප්‍රෙහෙලිකාවක් වුවත් ප්‍රශ්න කිරීම් හමුවේ මියගිය සඳමාලිගේ සැමියා වන මධුර ද සිල්වා මෙම අපරාධය සිදුකර ඇති බවට පාපොච්චාරණය කරන ලදී . ඔහුගේ ගාල්ලේ පදිංචිකරුවෙකු වන අතර රත්මලාන ප්‍රදේශයේ "Caremate" නම් සමාගමේ ඉහල නිලයක් දරන පුද්ගලයෙකි. ඔහු මෙමැ මිනීමැරුම සිදුකොට තිබුනේ ඔහුගේ අනියම් පෙම්වතිය විවාහ කරගැනීමේ වුවමනාවෙන් බවද පාපොච්චාරණයේදී හෙළිවී ඇත.

මේ ඒ පිලිබඳ වැඩිදුර විස්තරයකි. මධුර නම් අපරාධකරු මෙම යුවතිය හදුනාගන්නේ ෆේස්බුක් හරහාය. ෆේස්බුක් හරහා සති තුනක් පමණ චැට් කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ ප්‍රේමය ආරම්භ වී තිබේ.


20 හැවිරිදි මෙම තරුණිය මිගමුව ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර ජාත්‍යන්තර පාසලක ගුරුවරියක්ද වන්නේය. ෆේස්බුක් තුලින් හදුනාගැනීමෙන් අනතුරුව අපරාධකරු පෞද්ගලික මෝටර් රථයෙන් පැමිණ ඇය සමග ගාලු මුවදොර පිටියේ වාහනය තුලට වී පැය ගණන් පෙම් බස් දොඩමින් සිටි බවට ද වාර්තා වෙයි.

මේ ඇය අපරාධකරු පිලිබඳ පොලිසියට හෙලිකල අයුරුයි

“මම එයාට ඇත්තටම ආදරය කළා ”

“මම ප්‍රංශ භාෂාව ඉගෙන ගන්නයි කොළඹ ආවේ. එයත් එතැන වෙන පාඨමාලාවක් හැදෑරුවා. එයා විවාහ වී නැති බවත් කළුතර පදිංචි බවත් කිව්වා. අපි මුලින් එස්.එම්.එස්.වලින් අදහස් හුවමාරු කරගත්තා. අපි මුලින්ම ගෝල් ෆේස් එකේදී හමුවෙලා කතා කළා. 


මම එයා ගැන අම්මට කිව්වා. වැදගත් පවුලක නිසා අම්මලා කැමති වුණා. මේ විසිතුන් වෙනිදා කළුතර එයාලගේ ගෙදර ගිහිල්ලා වෙඩින් එක ගැන කතා කර ගන්නයි හිටියේ. එයා දහ අට වෙනිදා කතා කරලා කිව්වා හදිසි වැඩකට සිංගප්පූරු යනවා කියලා... ඒත් පොලිසියෙන් ඇවිත් මගෙන් මේ ගැන අහනකම් මං මොකුත් දැනගෙන හිටියේ නැහැ. 

එයා මට සේරම කළේ බොරු. මට කිව්වේ වයස විසි හතයි කියලා. ඒකත් බොරුවක්.”

කුලියටගත් යුවළක් තම මවුපියන් ලෙසින් හඳුන්වාදෙමින් විවාහ මංගල්‍යය පිළිබඳ කතා කිරීමට ඔහු සැලසුම්කොට ඇති අතර තම ආගම පවා ක්‍රිස්තියානි බවට හරවාගනිමින් මෙම විවාහය සිදුකරගන්න බවට පෙම්වතියට පොරොන්දුවී තිබේ.

රත්මලාන ත්‍රිත්ව ඝාතනයට හේතුවූ ඝාතකයාගේ ෆේස්බුක් පෙම් කතාව බලන්න පහතින් 








මේ අතර දැනට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර බාරයේ සිටින මෙම සැකකරුට එහි රැදවියන් විසින් දැඩි ලෙස පහර දී අසූචි කවා ඇතැයි වාර්තා වේ. 

තමන්ට පහර නොදෙන ලෙසට වැඳ වැටෙමින් රැදවියන් ඉදිරියේ සැකකරු පැවසුවත්  "මේ වගේ අපරාධ කරන්නන් නීතියෙන් ගැලවූනද රිමාන්ඩ් ගෙදර රැදවියන්ගෙන් ගැලවීමක් නැ” කියමින් අසුචි කවමින් පහර දී ඇත. දැඩි ප්‍රහාරයට ලක්වූ සැකකරුට ඇවිදිය නොහැකි අතර ඔහුගේ එක් හනුවක් පුපුරාගොස් ඇති බව සැලයි. 

මේ අතර බන්ධනාගාර නිළධාරීන් විසින් සැකකරු වෙනත් ආරක්ෂිත යැයි කියන සිර මැදිරියකට දමා ඇත. කෙසේ වෙතත් එම මැදිරිය දරුණු බෝවන රෝග තිබෙන සිර කරුවන් රදවා තිබෙන එකක් බවද වාර්තා වේ.

Related Posts Plugin for WordPress, Blogger...