නැගෙනහිර හිස ඔසවන "වහබ්" කල්ලිය

"වහබ්" නමින් හදුන්වන මුස්ලිම් අන්තවාදී සන්නද්ධ කණ්ඩායමක් සිය බලය නැගෙනහිර පළාතේ පතුරන බව බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.මෙම "වහබ්" සංවිධානයට ප්‍රමුඛපෙලේ ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන වලින්ද ආධාර ලැබෙන බව පැවසේ.

මේ සම්බන්ධයෙන් බස්නාහිර ආණ්ඩුකාර අලෙවි මවුලානා මහතා දක්වන අදහස් 


"මේ නැගෙනහිර පළාතේ දැනට ක්‍රියාත්මක වෙලා තියෙන වහබ් කල්ලිය සුෆි මුස්ලිම් භක්තිකයන් ක්‍රමයෙන් විනාශ කරමින් යනවා.පහුගිය කාලේ සුෆි භක්තිකයන්ගේ පල්ලි ගණනාවක්ම මොවුන් විසින් කඩා දැමුවා..මේ වහබ් කල්ලියට මැදපෙරදිග ඇතුළු රටවල් ගණනාවකින් මුල්‍ය ආධාර ලැබෙන බව මම දන්නවා..

ආර්ථික වශයෙන් ආමාරු තරුණයින් මුදලට වහ වැටි මේ සන්නද්ධ කණ්ඩායමට එක්වනවා..ඔවුන් තමා සටන්කාමින් විදිහට යන්නේ..ඔවුන්ගේ ත්‍රස්ත ක්‍රියා වලදී පරීක්ෂාවෙන් සිටි පොලිසිය ඔවුන් ගිනි අවි සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සුෆි භක්තිකයන්ට මේ නිසා නිදහසේ ආගම අදහන්න විදියක් නැහැ.රාජ්‍ය රහස් තොරතුරු අංශය මේ පිළිබඳව විමසිල්ලෙන් පසුවනවා."

මෙම ත්‍රස්තවාදී කණ්ඩායමට ප්‍රබල ආමතයවරයෙකුගේ සහයද හිමිවන බව නිල නොවන ආරංචි මාර්ග වලින් වාර්තා වේ.කෙසේ නමුත් ඉදිරියේදී මේ පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කරන බව ආණ්ඩුකාරවරයා විසින් වැඩි දුරටත් සඳහන්කොට ඇත.

Related Posts Plugin for WordPress, Blogger...