හිරුණිකාගේ අලුත් දේශපාලන පක්ෂය ගැන කතාව බොරුවක්

මුල්ලේරියාවේ සිදුවූ වෙඩි තැබීමකින් මියගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය විසින් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට අදහස් කරන බව පසුගියදා එක්තරා පුවත්පතක වාර්තා වුනා.

නමුත් ඒ පිළිබඳව ගොසිප්9 හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවියගෙන් සිදු කල විමසීමකදී ඈ අපවෙත ප්‍රකාශකොට සිටියේ ඇය එවන් දෙයක් ප්‍රකාශ නොකළ බවත් අදාළ මාධ්‍යයවේදීයා විසින් එය වරදවා වාර්තා කොට ඇති බවයි.

ඒ පිලිබඳ අදහස් දක්වන හිරුණිකා


"පහුගිය දවසක පුවත් පතකින් කතා කළා.." ආ නංගි මම තමයි මරණ ගෙදර සම්පුරණයෙන් කවර් කරේ..ඔයාට මතකයි නේද? කියලා..මම ආ කියන්න කියල කිව්වා.. 


"නංගි දැන් මොන පක්ෂයෙන්ද එන්නේ..මොකද වෙන්නේ කියල මගෙන් යාලුවෙක් වගේ ඇහුවා...ඉතින් මම ෆිට් එකට කිව්වා එක පක්ෂයක්වත් වැඩක් නැහැ..හැම එකාගේම කොන්ද පණ නැහැ කියලා..

ඊට පස්සේ එයා ඇහුවා "නංගි හොඳම වැඩේ ඔයා පක්ෂයක් හදන එක නේද?" කියලා ..මම හිනා වෙලා "අන්න හොඳ වැඩේ " කියලා කිව්වා...ඊට පස්සේ දවසේ පත්තරේ දැම්ම හිරුණිකා නව පක්ෂයක් ආරම්භ කරන්න යනවයි කියලා."

Related Posts Plugin for WordPress, Blogger...