ආචාර්ය වික්‍රමබාහු කොටි වෙනුවෙන් පෙනී සිටියි!

 Update 12/9

කොටි හිටියද දන්නෙ නෑ - වික්‍රමබාහු

තමා ලන්ඩනයේදී රැස්‌වීම් 20 ක්‌ පමණ ඇමතූ බවත්,එහිදී ශ්‍රී ලංකාවේ පවතින රජයට විරුද්ධව තමා මෙහිදී රැස්‌වීම් ඇමතූ බවත් එම රැස්‌වීම් වලට සහභාගි වූ ශ්‍රී ලාංකික පිරිස අතර කොටි හිතවාදීන් සිටියේ දැයි කියා තමා නොදන්නා බව වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි.

ජනාධිපති තුමාට එරෙහිව පැවති උද්ඝෝෂණ ව්‍යාපාරය රාත්‍රියේ තිබූ නිසා සිතලේ ගැහි ගැහී එම උද්ඝෝෂණයට සහභාගි වීමට තමාට අවශ්‍ය නොවූ බව ද ඔහු තවදුරටත් පැවසීය.

-----------------------------------------------------------------------------------------------------------------
ලංකාවේ උතුරු , නැගෙනහිර පළාත්වල ප්‍රජාතන්ත්‍රවාදය යලි පිහිටුවිම සම්බන්ධයෙන් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා සහ බ්‍රිටිෂ් ටැමිල් ෆෝරම් යන සංවිධානය අතර එකගතාවක් ඇතිකරගෙන තිබෙනවා.

මෙහි ප්‍රතිපලයක් ලෙස පසුගිය 25 වනදා එක්සත් රාජධානිය බලා පිටත් වූ ආචාර්ය වික්‍රමබාහු මහතා එහි South Harrow හි බ්‍රිටිෂ් ටැමිල් ෆෝරම් විසින් සංවිධානය කරන ලද උත්සවයක් අමතා කතාවක් පවත්වා තිබෙනවා.මෙම උත්සවය මහා විරු දිනය සමානව පැවැත් වූ උත්සවයක්.එහිදී සිදු කෙරුනේ යුද්ධයෙන් මිය ගිය LTTE සාමාජිකයන් සිහිපත් කිරිමයි.

LTTE සංවිධානය විසින් කලකට පෙර නිකුත් කල ඇති දැන්වීමක ඔවුන්ගේ එක් සලකුණක් වන නියගලා මල ඇති අන්දම බලන්න. එමෙන්ම ආචාර්ය වික්‍රමබාහු සහබාගි වූ උත්සවයදී ද එම ලකුණ ඇති අන්දම බලන්න. 


  
පහත දැක්වෙන්නේ කොටි විසින් මහවිරු දිනය වෙනුවෙන් සැකසු පෝස්ටරයක්.එයට සමානව ආචාර්ය වික්‍රමබාහු සහබාගි වූ උත්සවයෙහි වේදිකාව සකස්කොට ඇත. 


ඔහු විසින් කල කතාව

Related Posts Plugin for WordPress, Blogger...